රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුනක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබේ.
මේ පිළබඳව වැඩිදුරටත් පැහැදිළි කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා,
“ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.”
“සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.”