Home අද වේයන්ගොඩ නිධානය හාරන්න අධිකරණ නියෝගයක් නෑ – මහේස්ත්‍රාත් : කැනීම් කළේ අධිකරණ...

වේයන්ගොඩ නිධානය හාරන්න අධිකරණ නියෝගයක් නෑ – මහේස්ත්‍රාත් : කැනීම් කළේ අධිකරණ නියෝගයක් මත – ඇමති නලින්ද

11
0

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්න වේයන්ගොඩ වදුරඹ ප්‍රදේශයේ නිධානයක් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) අනාවරණය විය.

එහිදී විනිසුරු මංජුල කරුණාරත්න විවෘත අධිකරණය හමුවේ පැවසුවේ අදාල ස්ථානයේ කැනීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පො⁣ළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස පමණක් නියෝග දුන් බවයි.

අදාල කැණීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කල අවස්ථාවේ විනිසුරුවරයා මේ බව කියා සිටියේය.

මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවය.

කෙසේ වුවත් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන ආසන්නයේ ආන්දෝලනයට ලක්වූ කැනීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පවසා සිටියේ අදාල කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවයි.

එම ස්ථානයේ නිධානයක් නැති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණු බවත් පැවසු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එම ස්ථානයේ නිධන් ඇතැයි කණ්ඩායම් කිහිපයක් කැණීම් කටයුතු කිරීම හේතුවෙන් මෙම කැනීම සිදුකරන්නට ඇති බවද කියා සිටියේය.

Previous articleඋසස් පෙළ විභාගය දින තුනක් නොපැවැත්වීමට පියවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here