පාකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ හටගෙන ඇති ආගමික නිකායික ප්රචණ්ඩත්ව ගැටුම් උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ හේතුවෙන් අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති අතර, පාසල් ද වසා දමා ඇති බවද විදෙස් වාර්තා වේ.
පසුගිය 22 වනදා අධිකරණ නියෝගයක් මත මුස්ලිම් දේවස්ථානයක නිරීක්ෂණයක් සිදු කිරීමට යාමේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර මෙම ප්රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙන අතර මේ හේතුවෙන් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මියගොස් තවත් 156 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.