Home අද අවසන් තීරණය සජිත්ට බාර දෙයි

අවසන් තීරණය සජිත්ට බාර දෙයි

56
0

මෙවර මහා මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලින් ඉතිරිව ඇති ධූර හතර සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමේ බලය එම පක්‍ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා ඇත.

ඒ අනුව එම මන්ත්‍රී ධූර ඉල්ලුම් කර ඇති අය සමඟ අද (22) දින සාකච්ඡා කර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

මෙවර මහා මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහක් හිමි වූ අතර ඉන් එකක් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලබාගෙන තිබේ.

ඉතිරිව ඇති මන්ත්‍රී ධූර හතර සඳහා මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන සුළු ජාතික පක්ෂ හතරක් සහ සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් වන ඉමිතියස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, ජී එල් පීරිස්, සුජීව සේනසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, ඩලස් අලහප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් අතර දැඩි තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතර ලබා ගැනීම සඳහා එකොළොස් දෙනා අතුරින් හතර දෙනකු තෝරා ගැනීමේ උගතෝකෝටික ප්‍රශ්නයකට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දී සිටින බව එම පක්ෂයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

සුළු ජාතික පක්ෂ හතරක් ඇතුළු නව දෙනෙක්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට පෙර පොරොන්දු වී තිබෙන අතර ඒ අනුව ඔවුන් මෙම මන්ත්‍රී ධූර හතර ලබා ගැනීමේ දැඩි සටනක නිරත වී සිටී.

Previous articleසිලින්ඩරේ වැඩ ගැන දිනේෂ් කනස්සල්ලෙන්
Next articleසජිත්ගේ ආසනය අරක්ගත් නවක මන්ත්‍රීට ධූරය අහිමිවෙන ලකුණු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here