ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවැති තුන්වෙනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව අද (22 ) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි
මෙම සාකච්ඡාවට ජාත්‍යන්ත මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජේෂ්ඨ දූතමණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගීව ඇත.
ඒ අනුව තුන්වෙනි සමාලෝචනය පිළිබඳවසිය ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හෙට (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හෙට පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්විණි.