විදේශගත ශ්රමයකින් වෙනුවෙන් පසුගිය රජය ක්‍රියාත්මක කළ විද්‍යුත් වාහන මෙරට ගෙන්වීමේ වැඩසටහන යටතේ නිකුත් කළ බලපත්‍ර දාහකට (1000) අධික සංඛ්‍යාවක් අවභාවිත වී ඇති බව ඒ පිළිබඳව සිදුකළ විගණනයකින් හෙළිවී ඇත.
වාහන බලපත්‍ර නිකුත් කළද විදේශ රටවල රැකියාවල නිරත පුද්ගලයින් රැසකට එම වාහන හිමිව නැති බවත් ඇතැම් ඒවායේ අක්‍රමිකතා සිදුව ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්. පී. වික්‍රමසිංහ මහතා පැවසීය
විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් විද්‍යුත් වාහන ඉල්ලුම් කර තිබූ අතර වාහන ලබා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබිනි.
පසුගිය රජයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.