වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.