Home අද වෛරයට වෛරය දුරු කළ නොහැක. එය කළ හැක්කේ ආදරයට පමණයි – ජනපති

වෛරයට වෛරය දුරු කළ නොහැක. එය කළ හැක්කේ ආදරයට පමණයි – ජනපති

13
0

ජාතිවාදී හා ආගමික අන්තවාදී සටන් පාඨ වලට මින් මතුවට ඉඩ නොතබන බවත් සැමට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහි කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාව වාරය අද 21 දින පෙරවරුවේ ආරම්භ කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

ඡන්දය ලබා දුන් හා ලබා නොදුන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට බැඳී සිටින බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා ජනතාවගේ පංගුව මේ වන විට ඉටු කර ඇති බවත් දැන් තිබෙන්නේ තමන් ඇතුළු ආණ්ඩුවේ පංගුව ඉටු කිරීම බවත් සඳහන් කළේය.

වෛරයට වෛරය දුරු කළ නොහැකි බවත් එය කළ හැක්කේ ආදරයට පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තව දුරටත් පැවසීය.

දස වැනි පාර්ලිමේන්තුවේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

ජනපති IMF රහසක් හෙළිකරයි !

Previous articleජනපති IMF රහසක් හෙළිකරයි !
Next articleමහීෂ් තීක්ෂණ එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here