Home අද ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව සෘජු ගුවන් සේවාවක් (PHOTOS)

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව සෘජු ගුවන් සේවාවක් (PHOTOS)

76
0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කරමින් සිංගප්පූරුවේ ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(21 ) උදෑසන පැමිණියේය .

No description available.

සිංගප්පූරු ගුවන් සේවය විසින් අඩු වියදම් ගුවන් සේවාවක් ලෙස ආරම්භ කෙරුණු මෙහි පළමු ගුවන් යානය අද උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට ජෙට් ස්ටාර් ගුවන් සේවයේ 3 කේ 333 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පළමු ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එයින් ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලය ලෙස 06 දෙනෙකු ද පැමිණ සිටියහ .

මෙම ගුවන් යානය , ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූ අතර , ගුවන් තොටුපොළ තුළ දී උඩරට නර්තන ශිල්පීන් පිරිසක් විසින් , සිය නර්තන දක්ෂතා දක්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි .

මෙම ගුවන් යානය සතියකට දින 05 ක් එනම් සදුදා , බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

No description available.

No description available.

No description available.

No description available.

 

Previous articleමහීෂ් තීක්ෂණ එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළට
Next articleවිදුලිබිල අඩු කිරීම ලබන වසර දක්වා කල් යන තත්ත්වයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here