Home අද ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් නෑ – මිල සූත්‍රය හොඳ දෙයක්...

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් නෑ – මිල සූත්‍රය හොඳ දෙයක් – බලශක්ති ඇමති

167
0

ඉන්ධන අලෙවිය සඳහා මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

බලශක්ති අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් එය සංශෝධනය විය යුතුද නැද්ද යන්න ඉදිරියේදී සලකා බලන බවත් හෙතෙම කියා සිටියා.

මිල සූත්‍රය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවද පැවසූ ඔහු සැම විටම මිල අඩු කිරීමට රජය උත්සාහ කරන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ”

එමෙන්ම බලශක්තිය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පවතින ගනුදෙනුවේදී රටේ අනන්‍යතාවයට බලපෑම් වන කිසිඳු දෙයක් සිදු නොකරන බව කියා සිටි අමාත්‍යවරයා ලිට්‍රෝ ගෑස් සමාගම ද සිය අමාත්‍යාංශය යටතේ ගැසට් කෙරෙන බව අනාවරණය කළා.

Previous articleආණ්ඩුවට තවත් ඩොලර් මිලියන 200 ක ණයක් අනුමත වේ
Next articleප්‍රකාශයක් දෙන්න හිටපු ඇමති හරීන් පොලිසියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here