Home අද ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ඉලක්කය තාමත් එලෙසම තිබෙනවා – මහාචාර්ය පුජ්‍ය මැදගොඩ...

ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ඉලක්කය තාමත් එලෙසම තිබෙනවා – මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

7
0

රටට එරෙහි ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ක්‍රියාකාරීත්වය වෙනස් ක්‍රියාන්විතයක් ඔස්සේ පැමිණීමට හැකි බවත් ඒ පිලිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.

ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි. තිස් වසරක් මරාගත්තු ඒ වගේම යම් ආකාරයක ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ක්‍රියාකාරීත්වය අලුත් ජනාධිපති කෙනෙක් අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ඔවුන් හකුළාගනී කියලා. සතුරන්ට ඕන වුණේ පොහොසත් රටක්, සෞභාග්‍යමත් රටක් හදන්නද සතුරාට. ඒ නිසා සතුරාගේ ඉලක්කය තාමත් එලෙසින්ම තිබෙන බව පමණක් අපි අමතක නොකළ යුතුයි. සමහර විට වෙනස් ක්‍රියාන්විතයක් ඔස්සේ එන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම එය නොතකා හැරිය යුතු මෙතෙක් තිබූ ජාතික ව්‍යාපාරය අවශ්‍ය නෑ කියන තැනට එනවා නම් ඒ තරම් මෝඩ දෙයක් තවත් නෑ කියන එක අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි.”

Previous articleප්‍රකාශයක් දෙන්න හිටපු ඇමති හරීන් පොලිසියට
Next articleසමගියේ අසමගිය වැඩිවෙයි : මද්දුම බණ්ඩාර නාමය පමණක් ගැසට් වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here