Home අද සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

165
0

පවතින සහල් ඒකාධිකාරය බිඳ දමමින් වහාම සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70.000ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

රටේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වී මෝල් හිමියන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළත් මේ වන විට වෙළඳපොළේ පවතින නාඩු සහල් හිඟයට විසඳුමක් සොයාගත නොහැකි වීම නිසා පාරිභෝගික ජනතාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද පැවති මධ්‍ යහමුවකදී කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියා.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟය වෙනුවෙන් රජය ගනු ලැබූ තීරණය පිළිබඳ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දෙසැම්බර් මස 15වනදාට පෙර අපි වෙළෙඳපොළට සහල් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ස්වර්ණ නාඩු තමයි අපේ රටේ පරිභෝජනයට ගැලපෙන නාඩු වර්ගය. මේ නාඩු වර්ගය තමයි අපි ගෙන්වන්න තීරණය කරලා තියෙන්නේ.”

එම සහල් තොගය ආනයනය කිරීමේදී බදු අඩු කිරීමක් සිදුනොවන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

 

Previous articleහිටපු ජනපති ඉන්දියාවට
Next articleකංචනට සිලින්ඩරේ පක්ෂ සියල්ලෙම කැමැත්ත හිමිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here