Home අද රුසියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට අවසර

රුසියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට අවසර

63
0

රුසියාව තුළට දිගුදුර මිසයිල එල්ල කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්රේනයට අවසර ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය මාස කිහිපයේදී යුක්රේන ජනපති වොලොදිමියර් සෙලෙන්කි දිගුදුර මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පවතින සීමාවන් ඉවත් කරන ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීම් කර තිබූ බවත්
ඊට ප්‍රතිචාර ලෙස මෙලෙස දේශසීමාවන්ගෙන් පිටතට ප්‍රහාර එල්ල කිරීම අමෙරිකානු ජනාධිපතිවරයා අවසර ලබාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්රේනයට පහර දීම සඳහා උතුරු කොරියානු හමුදාවන්ගේ සහය ලබා ගැනීමට රුසියාව ගත් තීරණයට ප්‍රතිචාර ලෙසයි අමෙරිකාව මෙම අවසර ලබාදීම සිදුකර ඇති බවද වාර්තා වේ.

Previous articleපොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන නව ඇමති මණ්ඩලය මෙන්න
Next articleවිපක්ෂ නායක ධුරය හර්ෂ ද සිල්වාට ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here