Home අද එකතු වෙන්න බැරිනම් නායකත්වයෙන් ඉවත්වෙන්න – පක්ෂ නායකයින්ට බලපෑම්

එකතු වෙන්න බැරිනම් නායකත්වයෙන් ඉවත්වෙන්න – පක්ෂ නායකයින්ට බලපෑම්

82
0

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහසහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට
එක්ව කටයුතු කළ නොහැකි නම් වහාම පක්ෂ නායකත්වයන්ගෙන් ඉවත් වන ලෙස එම පක්ෂවල පසු පෙළ නායකයින්
විසින් යෝජනා කර තිබේ.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමටනම් නායකයින් දෙදෙනා එක්ව එක ලාංඡනයකින් මැතිවරණවලට ඉදිරිපත් විය යුතු බව ඔවුන්ගේ යෝජනාව වී ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වලදී මේ සම්බන්ධව සාකච්ඡා කරන බව එම පක්ෂ දෙකෙහි පසු පෙළ ක්‍රියාකාරීහු පිරිසක් පැවසූහ.

ඉදිරි මැතිවරණ වලට පෙර රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරු එකඟතාවයකට පැමිණ එක් ප්‍රතිපත්ති මාලාවක් යටතේ අලියා ලකුණින් මැතිවරණ වලට ඉදිරිපත් විය යුතු බවඑම ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙම පාර්ශ්ව දෙක එකට එක් කර එක කණ්ඩායමක් ලෙස මැතිවරණයට මුහුණ දීමට උත්සාහ කළත් ඔවුන් දෙදෙනාගේ බල ලෝභී හා වෛරී ක්‍රියාකලාපයන් නිසා එය ඉටුකර ගැනීමට නොහැකි වූ බව ඔවුහු පෙන්වා දෙති.

තම පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත පසුගිය මැතිවරණවලදී සජිත් සහ රනිල් එකතු වී එක ගමනක් ගියේ නම් මෙරට දේශපාලනය අදට වඩා වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබූ බව පවසන පසු පෙළ නායකයින් දෙදෙනා එක් නොවන්නේ නම් පක්ෂ දෙකම දිනෙන් දින විනාශයට තල්ලු වීම වැළැක්විය නොහැකි බව පවසයි.

උද්ගතව ඇති තත්ත්වය මත නායකයින් දෙදෙනා එක්ව අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බවත් තවදුරටත් එසේ කළ නොහැකි නම් පක්ෂ නායකතයන් එම තනතුරු වලින් ඉවත්ව පාක්ෂිකයන් හා රට වෙනුවෙන් එක්ව කටයුතු කළ හැකි නායකත්වයක් පත්කර ගැනීමට ඉඩ සැලසිය යුතු බවඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

Previous articleපොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නාමල් රාජපක්ෂට
Next articleජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මෙන්න – ඉතිහාසයේ පළමුවරට විශේෂ අවශ්‍යතා ඇති නමකුත් ඒ අතර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here