විල්ගමුව පොලිස් වසමේ දඹුල්ල මහියංගණය මාර්ගයේ එලවාකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක එකිනෙක ගැටීමෙන් පසු බස් රථය ප්‍රපාතයට පෙරළී අනතුරක් සිදුවී තිබේ.
මෙම අනතුර අද (නොවැ. 14) රාත්‍රී 7:30ට පමණ සිදු වී තිබේ.
දඹුල්ල මහියංගන මාර්ගයේ එලවාකන්ද ප්‍රදේශයේදී බස් රථය සහ වෑන් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයන් 39 දෙනෙකු තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ය.
කොළඹ පෞද්ගලික සමාගමකට අයත් බස් රථයේ සිට ඇති අතර ඔවුන් විනෝද චාරිකාවක යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
මේ පිළිබඳව විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.