Home අද කෙටේරිය නිසා ඡන්දය ප්‍රකාශ කිරීම දඹානේ ආදිවාසී ජනතාව ප්‍රතික්ෂේප කරයි

කෙටේරිය නිසා ඡන්දය ප්‍රකාශ කිරීම දඹානේ ආදිවාසී ජනතාව ප්‍රතික්ෂේප කරයි

51
0

මෙවර මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම දඹානේ ආදිවාසී ජනතාව ප්‍රතික්ෂේප කර ඇත.තිබෙනවා.

සිය වරිගයේ අනන්‍ය සංකේතයක් වන කෙටේරිය කරේ දමාගෙන දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට අද උදේ ඇතුල්වීමට දඹානේ ආදිවාසී උප නායක ගුණා බන්ඩියාට ඉඩ නොදීම නිසා ආදිවාසීහු මෙම තීන්දුවට එළඹ තිබේ.

මෙරට පාර්ලිමේන්තුව ඇතුළු ආරක්ෂිත ස්ථානවලට මෙන්ම විදේශ රටවලට පවා කෙටේරිය කරේ දමාගෙන ගොස් ඇති බවත් ඒ අයිතිය දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය භාර නිලධාරියා අහිමි කරන්නේ කෙසේදැයි වන්නිලා ඇත්තෝ ප්‍රශ්න කරති.

කෙටේරිය තම වරිගයේ අනන්‍ය සංකේතයක් බවත් එය ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට ඉඩ නොදීමෙන් තම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අවධාරණය කරන වන්නිලා ඇත්තෝ මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් සඳහන් කළහ.

Previous articleදිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය සහ ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව නොකළ යුතු දෑ
Next articleපළපුරුදු කතා නෑ – මගේ පළවෙනි වැඩේ ශක්තිමත් ආණ්ඩුවක් හදන එක – අගමැතිනිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here