Home අද ඡන්ද මධ්‍යස්ථානයක ස්ථාන භාර නිලධාරිනියක් හදිසියේ මිය යයි

ඡන්ද මධ්‍යස්ථානයක ස්ථාන භාර නිලධාරිනියක් හදිසියේ මිය යයි

82
0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණි ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස කටයුතු කළ කාන්තාවක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත .

ඊයේ (13 ) වැනිදා පෙරවරුවේ එම ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස සේවය ආරම්භ කළ ඇය
ඊයේ රාත්‍රියේ 8 ට පමණ භික්ෂුණී ආරාමයේ කාමරයක රැඳී සිටියදී හදිසියේ ඇති වූ හෘදය ආබාධයක් හේතුවෙන් ඇයව මරණයට පත්ව ඇති බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

මිය යන අවස්ථාව වන විට ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් පහළොස් දෙනකු පමණ රැඳී සිට ඇති අතර ස්ථාන භාර නිලධාරිනීය රෝගී තත්ත්වයට පත් වෙනවාත් සමඟ ප්‍රතිකාර සඳහා ඇයව පිළියන්දල දිසා රෝහලට ඇතුලත් කලත් ඒ වන විට ඇය මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු පවසති

මෙසේ මිය ගොස් ඇත්තේ පයාගල ඉඳුරුව ගොඩ අංක 33 නිවසේ පදිංචිව සිටි චම්පිකා රුවන්ති ලියනගේ නැමැති අවිවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි.

Previous articleනිහඬ කාලය තුලත් දහස් ගණනක් මැතිවරණ නීතිය කඩලා – මැතිවරණ කොමිසමට පැමිණිලි
Next articleඋදෑසන 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here