Home අද බොරුවෙන් සමාජය තුළ වෛරය වැපිරූ උගන්ඩා කුමාරි වෘත්තියත් අවභාවිත කරලා

බොරුවෙන් සමාජය තුළ වෛරය වැපිරූ උගන්ඩා කුමාරි වෘත්තියත් අවභාවිත කරලා

1008
0

නීතීඥවරියක වන නිලන්ති කොට්ටහච්චි පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේ සිදුකල සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් හර්ෂ ප්‍රියංග නැමැත්තෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ නීතිඥවරිය වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා තිබේ .

මේ සම්බන්ධව මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ පැමිණිලිකාර පාර්ශ්වය වන හර්ෂ ප්‍රියංග මෙසේ පැවසීය .

“පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකළ ප්‍රධාන කරුණක් වූයේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් සොරකම් කර විදේශ රටවල ආයෝජනය කර තිබෙන බවයි. නීතීඥවරියක් වන නිලන්ති කොට්ටහච්චි මහත්මිය, අපේ රටේ මුදල් උගන්ඩාවේ සඟවා තිබෙන බවත් මැතිවරණයෙන් පසු ඒ මුදල් නැවත ලබා ගන්නා බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා. පහුගිය කාලයේ අපේ රටේ ජනතාව තෙල් නැතුව, ගෑස් නැතුව අසරණ වුණේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් උගන්ඩාවට ගිහින් ආයෝජනය කරපු නිසා කියලා මතයක් ඇති වුණා. නමුත් එවැනි දෙයක් සිදු නොවූ බවත්, නීත්‍යානුකුලව අපේ රටේ සමාගමක් විසින් එම මුදල් රැගෙන ගිය බව එතුමියම මැතිවරණයෙන් පසුව ප්‍රකාශ කලා. මේ තුලින් පක්ෂයක්‌ ලෙස අපි විශාල ලෙස අසරණ භාවයකට පත් වුණා.රට ආරක්ෂා කළ, රටට සෞභාග්‍ය උදා කල නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින්, එතුමාගේ දේශපාලන දර්ශනය විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි එය සලකනවා. නීතිඥ වරුන් ඇත්ත කියන, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස ජනතාව විශ්වාස කරනවා.නමුත් මෙතුමිය නීතිඥවරියක් ලෙස ඇත්ත වෙනුවට බොරුව සමාජගත කර සමාජය තුල වෛරය වැපිරූ බව අපි විශ්වාස කරනවා.එතුමිය මෙම වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අප ඉල්ලා සිටියා. තව දුරටත් මේ රට තුල බොරුව වංචාව සමාජගත කිරීමට එරෙහිව ගරු අධිකරණය අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අපි විශ්වාස කරනවා.”

Previous articleභාරදුන් රජයේ නිල නිවාස ස‍ඳහා යුධ හමුදා ආරක්ෂාව
Next articleඇමරිකාව ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා ඉවත්කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here