Home අද චාල්ස් රජුට කිරුළු පැළඳ වූ කැන්ටබරියේ අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

චාල්ස් රජුට කිරුළු පැළඳ වූ කැන්ටබරියේ අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

106
0

එංගලන්ත පල්ලියේ කීර්තිමත් පූජකවරයෙක් වන කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ, පිරිමි ළමයින් සහ තරුණයින් සිය දෙනෙක් පමණ අපයෝජනයට ලක් ක‍ළ ජෝන් ස්මයිත් නමැති පුද්ගලයෙක් සම්බන්ධව කරුණු වසන්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. අදාළ පුද්ගලයා සම්බන්ධව 2013 වසරේදී වෙම්බ්ලි වෙත තොරතුරු ලැබී ඇතත්, ඔහු එම තොරතුරු සඟවාගෙන සිට ඇතැයි වාර්තා වේ.

2018 වසරේදී සිදුවූ ස්මයිත්ගේ මරණය දක්වා ළමා අපයෝජන අඛණ්ඩව සිදුවීමට ඉඩ හැර ඇති බව එංගලන්ත පල්ලියේ රදගුරුවරුන් චෝදනා කළ අතර, ඔවුන් අවධාරණය කළේ අගරදගුරුවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවය.

චාල්ස් රජු කිරුළු පැළඳවීම සිදුවූයේත් අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි අතිනි

Previous articleනවසීලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද
Next articleජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ වැඩ තහනම් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here