Home අද නළු නිළි අපේක්ෂකයන්ගේ නිර්මාණ මැතිවරණයේ නිහඬ කාලයේ පෙන්වන්න එපා – මැතිවරණ කොමිසම

නළු නිළි අපේක්ෂකයන්ගේ නිර්මාණ මැතිවරණයේ නිහඬ කාලයේ පෙන්වන්න එපා – මැතිවරණ කොමිසම

14
0

හෙට පැවැත්වෙන මහ මැතිවරණයේ නිහඬ කාලය තුළ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයින් රංගනයෙන් දායක වන කිසිදු නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස සියලු මාධ්‍ය ආයතන වලින් මැතිවරණ කොමිෂන් සභාව ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

නිහඬ කාලය තුළදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කර ඇති බැවින් යම් අපේක්ෂකයෙක් සම්බන්ධ ඔහුට හෝ ඇයට වාසි වන ආකාරයේ .ටෙලිනාට්‍යයක්.චිත්‍රපටයක්. ප්‍රසිද්ධ නොකරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව ලබා දී ඇති උපදෙස් පිළි නොගෙන යම් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය ආයතන වෙත අවධාරණය කර සිටි.

Previous articleසුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනයක් නිකුත් කරයි.
Next articleහෙට (14) ඡන්දය දාන්න යන්නේ මේ තොරතුරු දැනගෙන ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here