Home අද විදෙස් රටවල තානාපති කාර්යාල වල කම්කරු සුභසාධන නිලධාරීන් ගැන සොයන්න විශේෂ කමිටුවක්

විදෙස් රටවල තානාපති කාර්යාල වල කම්කරු සුභසාධන නිලධාරීන් ගැන සොයන්න විශේෂ කමිටුවක්

76
0

විදේශ රටවල පිහිටි මෙරට තානාපති කාර්යාල වලට පත්කර ඇති කම්කරු සුභසාධන නිලධාරීන්ව විධිමත් ආකාරයට පත් කර ඇත්ද යන්න සෙවීම සඳහා කම්කරු අමාත්‍යංශය මගින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

සුභසාධන නිලධාරීන් පත් කිරීමේ දී අනුගමනය කළ යුතු කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකර දේශපාලන හා පුද්ගල හිතවත්කම් මත පත්වීම් සිදුකර ඇති බවට කම්කරු අමාත්‍යංශය වෙත ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට දනිමින් මෙම කමිටුව පත්කර තිබේ .

ඇතැම් පුද්ගලයන් සුභසාධන නිලධාරීන් ලෙස පත්වීම් ගෙන ඇත්තේ දේශපාලන හිතවත්කම් මත මෙන්ම මුදල් සහ අනෙකුත් වරප්‍රසාද ලබා දී බව ට තොරතුරු වාර්තා වී ඇතැයි කම්කරු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මෙලෙස තනාපති කාර්යාලවල සේවයේ නියුතු ඇතැම් සුබ සාධන නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු අවම සේවාවන් වත් ඉටු නොවන බව පවසන එම නිලධාරියා මේ සම්බන්ධව ස්වාබෙලීමට පත් කරන ලද කමිටු වේ වාර්තාව ලැබීමෙන් පසුව ඔවුන් සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බව ඉහත නිලධාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleහෙට (14) ඡන්දය දාන්න යන්නේ මේ තොරතුරු දැනගෙන ද?
Next articleබිත්තරයක මිල රුපියල් 60ක් 65ක් දක්වා ඉහළ යන ලකුණු – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here