ඉදිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන රැලියක් අමතමිනි.
‘අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්’
දේශපාලන හේතු මත අස්වැසුම ලබා නොදුන් පිරිස් ඇත්නම් ඉදිරි අයවැයේදී ඔවුන්ට අස්වැසුම ලබාදීමටද කටයුතු කරන බව මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.