දේශපාලන පක්ෂ කාර්යාලයකට ප්‍රවාහනය කරමන් තිබූ නීතිවිරෝධී අයුරින් මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා 32,000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ පොලිස් වසමට අයත් කාසිම් පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කෙරුණු පක්ෂයක කාර්යාලයකට මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව වාර්තා වෙයි.
අම්පාර දිස්ත්‍රික් මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම ඡන්ද පත්‍රිකා තොගය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස සොයාගත් ඡන්ද පත්‍රිකාවල මුස්ලිම් පක්ෂයක ලකුණ සහ අංකය මුද්‍රණය කර ඇතැයි සඳහන් වේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, නියැදි ඡන්ද පත්‍රිකා තොගය නීතිමය කටයුතු සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කල්මුණේ පොලිසිය කටයුතු කර ඇති බව සඳහන් වේ.