Home අද ත්‍රීපෝෂ සමාගම ඈවරයි ! – මෙරට එකම පෝෂණ වැඩසටහන නවතී

ත්‍රීපෝෂ සමාගම ඈවරයි ! – මෙරට එකම පෝෂණ වැඩසටහන නවතී

2202
0

දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බව පෙන්වා දෙන කුමුදේශ් මහතා‍, 2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බව පෙන්වා දෙයි.

ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටී.

රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්‍, මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

UPDATE (2024-11-09)

ත්‍රිපෝෂ සමාගම ඈවර කිරිමට රජය කිසිම තීරණයක් ගෙන නෑ – රජය කියයි

Previous articleනිලන්ති ගේනවා කියනවා – ටිල්වින් නෑ කියනවා. දෙන්නම ජනතාව අන්දවනවා – අනුරාධ ජයරත්න
Next articleසෞදි අරාබියේ කාන්තාරයක් හිමෙන් වැසෙයි. (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here