Home අද ට්‍රම්ප්ගේ දේශපාලන ගමනට හැරිස්ගේ සහය

ට්‍රම්ප්ගේ දේශපාලන ගමනට හැරිස්ගේ සහය

92
0

පසුගියදා(05) පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගෙන 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පාක්ෂික දේශපාලන ගමනට සහ වැඩපිළිවෙලට ඉදිරියේදී තම සහාය ලබාදීමට සූදානම් බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොව ප්‍රකට අල් ජසීරා පුවත් සේවය පවසන්නේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හැරිස් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.

තමන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වීම පිළිගන්නා බව ද‍, තමන්ට සහාය දුන් සියලුම අමෙරිකානුවන්ට තම ගෞරවය සහ ස්තුතිය පිරිනමන බව ද හැරිස් සඳහන් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජය තහවුරු කරගැනීමට 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර කමලා හැරිස් ලබා ඇත්තේ ප්‍රතිශතාත්මකව ඡන්ද 47.5%ක් පමණයි. ඒ අනුව ට්‍රම්ප්ට ආසන 295ක් සහ හැරිස්ට ආසන 226ක් හිමිව තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රරම්ප්ගේ ජයග්‍රහණය සමග රිපබ්ලිකන් පාක්ෂිකයින්ට සෙනෙට් සභාවේ හිමිව ඇති ආසන සංඛ්‍යාව 52ක්. ඩිමොක්‍රටිස් හට ආසන 44ක් හිමිව තිබෙනවා. ධවල මන්දිරයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා රිපබ්ලිකානුවන්ගෙන් 209කට අවස්ථාව හිමිව ඇති අතර 191 දෙනෙකුට ඩිමොක්‍රටික් වෙනුවෙන් ආසන හිමිවනු ඇති බවද වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපතිවරයා වශයෙන් ජේඩී වැන්ස් කටයුතු කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Previous articleරත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්
Next articleනාමයෝජනා දීමෙන් පසු මේ දක්වා අපේක්ෂකයින් 09ක් පොලිස් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here