Home අද ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි

ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි

69
0

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනි අවි ආපසු බාරදීම සඳහා ලබා දී තිබූ කලය මෙම මස 21 දින දක්වා දීර්ඝ කර තිබේ .

මෙම ගිනි අවි ආපසු බාර දීමට මසක් කල් දී තිබූ අතර එය අදින් අවසන්වීමට නියමිතව තිබිණි.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනි අවි සම්බන්ධයෙන් සිදුකළ සමාලෝචනයකින් පසු ඒවා සිය අමාත්‍යාංශය වෙත නැවත ලබාගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

මෙම ගිනි අවි ලබාදීමේදී නිශ්චිත ක්‍රමවේදයක් අනුව ලබාදිය යුතු වුවත් පසුගිය ආණ්ඩු ඇතැම් පුද්ගලයින්ට දේශපාලන හිතවත්කම් වලට අනුව ගිනි අවි ලබාදී ඇති බවට චෝදනා එල්ල විය.

කෙසේ නමුත් දැනට ලබාදී ඇති ගිනි අවි ඒ අය වෙත ආපසු ලබාදීමේදී හෝ අලුතෙන් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට අදාල පියවර ගෙන තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය

Previous articleපිරිත් නූල් බැඳලා පොටෝ දාන්න එපා
Next articleරත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here