තථාගතයන් වහන්සේ වදාළ ලෙසම කිසිවක් නොකළ බවත් මාලිමාවට කතිරේ ගැසූ පමණින් ගමන් දිව්‍යලෝකෙ යාමට හැකි බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ සුනිල් වටගල පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ එම පක්ෂයේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන බව වටගල මහතා කියා සිටියා.
නමුත් එම ක්‍රියාමාර්ගය ගැනීම සඳහා පාර්ලිමේන්තු වරමක් අවශ්‍ය වන බවත් දැනට ඇති පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ විසින් සිදු කළ යුතු බවත් හෙතෙම පැවසීය.
වර්තමාන පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයක් එළඹෙන 14 වන දා පැවැත්වෙන බවත් ඊට සම්බන්ධ වන සියලු දෙනාට මහානුභාව සම්පන්න ආනිශංස ගෙනදෙන බවත් ඔහු සදහන් කලේය.