Home අද හිටපු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලු බැංකු ගිණුම් අත්අඩංගුවට

හිටපු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලු බැංකු ගිණුම් අත්අඩංගුවට

52
0

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මෙන් ම හිටපු එරට අගමැතිනි ශීක් හසීනාගේ රජය යටතේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ මූල්‍ය බුද්ධි අංශය (BFIU) විසින් ශකීබ් සතු සියලුම ගිණුම්
අත්අඩංගුවට ගෙන ඇති බවයි. බංග්ලාදේශ බැංකු ප්‍රකාශක Husne Ara Shikha විසින් එරට මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 02 වැනි දා BFIU විසින් ශකීබ් සහ, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුට අයත් ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළඳපොළ හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙසයි. එම පරීක්ෂණයෙන් පසු රජයේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.

අවාමි ලීග රජය පසුගියදා පෙරලා දැමීමෙන් පසුව පත් වූ අන්තර් වාර රජය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ දී ශකීබ් හට සිය පාර්ලිමේන්තු අසුන ද අහිමි වූ අතර ඔහු අරගලය සමයේ ඝාතන නඩුවකට ද වග උත්තරකරුවෙකු ලෙස නම් කොට තිබේ. ශකීබ් මේවන විට සිය පවුල සමග එංගලන්තයේ ජීවත්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Previous articleඉන්ධන මිල අඩු කරන්න බෑ – මේ අපි ගෙනාපු තෙල් නෙමෙයි
Next articleපිරිත් නූල් බැඳලා පොටෝ දාන්න එපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here