Home අද කෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් බෝකුන්දරදී අල්ලයි

කෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් බෝකුන්දරදී අල්ලයි

79
0

කෑගල්ල බුලුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රටේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිඳ සමග සැකකරුවන් දෙදෙනෙකු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක් වූ වලව්වේ හිමිකරු සතුව විශාල ලෙස මුදල් හා රන් භාණ්ඩ ඇති බවට ලැබුණ තොරතුරක් මත ඒවා කොල්ලකෑම සඳහා කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබේ

ඉකුත් විසිහත් වෙනිදා වලව්වට ඇතුළු වූ අපරාධකරුවන් එහි හාම්පුතා ඝාතනය කර බිරිඳට පහරදී වලව්වේ තිබූ මෝටර් රථයෙන් පලා ගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සැලසුම් සැලසුම් කර ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ කාන්තාව විසින් බව පොලිසිය පවසයි.

ඇය අපරාධකරුවන් දෙදෙනා පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ නිවසට ගෙන්වා දිනක් එහි නවාතැන් ගෙන සිට පසුදින ඇගේ සොහොයුරාගේ මෝටර් රථයෙන් කෑගල්ලට ගොස් තිබේ

පසුව ඇය අපරාධකරුවන් දෙදෙනා කෙම්පිටිය වලව්ව අසලට ගෙන ගොස් වලව්ව සහ එහි පැමිණිය හැකි ගමන් මාර්ගය පෙන්වා නැවත කෑගල්ලට පැමිණ ඇත එතැන් සිට අපරාධකරුවන් දෙදෙනා ත්‍රීවිලර් රථයකින් කෙම්පිටිය වලව්වට පිටත් කර යවා තිබේ

අපරාධකරුවන් දෙදෙනා කෙම්පිටිය වලව්වට ඇතුල්වී මෙම අපරාධය සිදුකිරීමෙන් පසුව එහි මුදල් තිබේදැයි දිගු වේලාවක් සෝදිසි කර ඇත කෝටි ගණනක මුදල් එහි ඇති බවට ඔවුන්ට තොරතුරු ලැබී තිබුණත් වලව්වේ හිමිකරු සතුව තිබී සොයාගැනීමට හැකි වී ඇත්තේ රුපියල් දහසක් පමණක් බව අපරාධකරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ කොට ඇත.

ඝාතනයට ලක් වූ වලව්වේ හිමිකරු සතු මුදල් එහි නොතිබූ නිසා හිමිකරුගේ අතෙහි තිබූ මුද්දගලවාගෙන වලව්වේ තිබූ මෝටර් රථයකින් ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

සිද්ධිය වී පැය කිහිපයක් ගතවන විට අතරමග දමා ගොස් තිබියදී පොලිසිය විසින් මෝටර් රථය සොයාගෙන තිබේ

සැකකරුවන් කාන්තාව සිටි තැනට ගොස් ඇයත් සමඟ අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයට පැමිණේ සොරාගත් මුද්ද
රුපියල් එක් ලක්ෂ හැටපන් දහසකට අලෙවිකර එම මුදල් වලින් තිදෙනාම හෙරොයින් භාවිතා කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත

පසුව ඔවුන් ප්‍රදේශ කිහිපයක සැඟව සිට පිළියන්දල බෝක්කුන්දර ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

අපරාධකරුවන් දෙදෙනා මංකොල්ලකෑම්.මිනිස් ඝාතන ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ අය බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනයේ ප්‍රධාන අපරාධකරු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි බිම්සර නැමැති අයෙක් බව අනාවරණය වී ඇත.

Previous articleඅල්ලස් ගත්තු හිටපු නියෝජ්‍ය ඇමතිට වැඩ වැරදියි
Next articleඅපි දේශපාලන චන්ඩිකම් කලේ ලයිසන් නැතුව – දැන් අපිට ලයිසන් එකකුත් තියෙනවා – ලාල් කාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here