Home අද රැඳවියන්ට දුරකතන විකුණා මාට්ටු වූ මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සහ ගබඩා භාරකරුගේ...

රැඳවියන්ට දුරකතන විකුණා මාට්ටු වූ මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්

65
0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන අලෙවි කිරීමේ රහසිගත වැඩපිළිවෙළක් දියත් කළ එහි ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකරු ලෙස සේවය කළ නියාමකවරයකුගේ වැඩ තහනම් කර ඇත

ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා කාලයක සිට බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවකු සමග සමීප සබඳතා පවත්වා ජංගම දුරකථන බන්ධනාගාරය තුළට ගෙනවිත් රැඳවියන්ට ලබා දී ඇති බව ඒ සම්බන්ධව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූ කරුණු මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයකු යටතේ මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකර තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කරන බව කොමසාති ස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleඅගමැතිට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ජනතා විරෝධතා
Next articleඅනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා විදේශ ණය සහනය රටට අහිමි වීමේ අවදානමක් ගැන හිටපු ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here