Home අද පොලිසිය සුජීව සේනසිංහගේ ගෙදර සෝදිසි කරයි

පොලිසිය සුජීව සේනසිංහගේ ගෙදර සෝදිසි කරයි

8
0

සුඛෝපභෝගී වාහන සහ සැකකටයුතු භාණ්ඩ සඟවාගෙන සිටින බවට ලද පැමිණිල්ලක් මත සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ පොලිස් පරීක්ෂාවට ලක් කර ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව කොල්ලුපිටිය මල් පාරේ පිහිටි සුජීව සුජීව සේනසිංහ මහතාගේ නිවසට ඊයේ14 වැනිදා සවස පැමිණි පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් නිලධාරීන් කණ්ඩායම එම නිවසේ එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ නිල ඇඳුම්ඇති බවටත් ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවටත් සැක කරමින් පරීක්ෂාවට ලක් කර තිබේ.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම නිවසට පැමිණෙන විට සුජීව සේම සිංහ මහතා නිවසේ සිට නොමැති අතර සේවකයකු පමණක් එහි සිට ඇත.

ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත් පොලිසිය පැය දෙකකට ආසන්න කාලයක් නිවස අවට පරීක්ෂාවට ලක් කර තිබේ.

නිවසේ ගරාජයක නවතා තිබූ වාහන තුනක්ද පොලිස් පරීක්ෂාවට ලක් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසී කෙසේ වෙතත් තමන් නිවසේ නැති අවස්ථාවක පොලිසිය යයි කියමින් නිවසට පැමිණි කණ්ඩායම පිළිබඳව බරපතල සැකයක් තමන්ට තිබෙන බවත් ඒ පිළිබඳව කරුණු සොයා බලන ලෙස හිටපු මන්ත්‍රීවරයා කුරුඳු වත්ත පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස පැමිණිලි කිරීමෙන් පසු නිවස පරීක්ෂාවට පැමිණ ඇත්තේ අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කණ්ඩායමක් බව සුජීව සේනසිංහ මහතාට පොලිසිය විසින් කරුණු පැහැදිලි කරදී ඇත

Previous articleඋගන්ඩාවේ මුදල් ගැන කතාවක් අපි කිව්වේ නෑ – අපි බොරු කියන්නේ නෑ – ටිල්වින්
Next articleසජබ අපේක්ෂකයකුට මිරිස් කුඩු ගසා පොලු වලිනුත් ගහලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here