Home අද විජය ඝාතනය කළ පරිදිම, මා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද? – චන්ද්‍රිකා...

විජය ඝාතනය කළ පරිදිම, මා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද? – චන්ද්‍රිකා රවී සෙනෙවිරත්නට ලියයි

1096
0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

තමාට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩුකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කර තිබේ.

අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඔක්තෝබර් මස 31 වන දින නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බවය.

අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායම් ලබාදෙන අතර, තමාට පමණක් ආරක්ෂකයින් 30ක් ලබාදීමට තීන්දු කළේ කුමන නිර්ණායකයන්ට අනුව දැයි තමාට ප්‍රහේළිකාවක් බව අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බවත් හිටපු ජනපතිනිය සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත.

විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇතැයි ද හිටපු ජනාධිපතිනිය ලිපියේ දක්වා තිබේ.

එම ලිපිය පහතින්

No description available.

No description available.

Previous articleහිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධව ඇගයීම් වාර්තාවක් කැබිනෙට්ටුවට
Next articleඅනුර දිසානායක රටේ ජනාධිපති වුවත් හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ – අනුරාධ ජයරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here