Home අද රනිල් දාපු සීනි බද්ද අනුර දීර්ඝ කරයි : කිව්වේ නම් මෙහෙම නෙවෙයි

රනිල් දාපු සීනි බද්ද අනුර දීර්ඝ කරයි : කිව්වේ නම් මෙහෙම නෙවෙයි

502
0

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු යටතේ පනවා තිබෙන රුපියල් 50 ක බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර තිබෙනවා.

No description available.

No description available.

ඒ අනුව 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ බදු දීර්ඝ කිරීම සිදුකර ඇත.

මේ ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දීර්ඝ කර තිබෙන්නේ 2023 නොවැම්බර් මස 01 වනදා සිට වසරක කාලයකින් එනම් 2024 නොවැම්බර් 01 වනදායින් අවසන්වීම මත සීනි සඳහා පනවා තිබූ බද්දය.

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් පළකරන වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආහාර භාණ්ඩ සඳහා පනවා ඇති වැට් බදු මුළුමනින්ම ඉවත්කරන බවත් ඒ සමඟ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ජනතාවට පීඩාවට පත්ව ඇති බදු වර්ග සංශෝධනය කරමින් ජනතාවට සහන දෙන බවත් වත්මන් පාලනය පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොරොන්දු වූවද බලය ගැනීමෙන් පසුව ඒ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බවය.

කෙසේ වුවත් අදාළ බදු මුදල දීර්ඝ කිරීම හේතුවෙන් වෙළඳපොළ සීනි මිලෙහි වෙනසක් සිදුවිය නොහැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වන විට වෙළදපොලේ ලොකු ළුෑණු මිල ද ඉහළ ගොස් තිබෙන අතර ඒ ලොකු ළුෑණු සඳහා වන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ දැමීමට රජය කටයුතු කිරීම නිසාය . ඒ අනුව ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීම සිදුවූ අතර ඊට සාපේක්ෂව වෙළදපොලේ ලොකු ළුෑණු මිල කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බව වෙලදපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Previous articleලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගෑස් මිල ගැන ලැබුන අලුත්ම ආරංචිය
Next articleපාස්පෝට් ගන්න නව ONLINE ක්‍රමයක් – හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් කළ යුතු දේ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here