Home අද රේගු ගුදම් තුළ එකලස් කර වෙළඳපොළට නිකුත් කළ වාහන වලින් රජයට රුපියල්...

රේගු ගුදම් තුළ එකලස් කර වෙළඳපොළට නිකුත් කළ වාහන වලින් රජයට රුපියල් කෝටි 10ක පාඩුවක්

85
0

පසුගිය කාලයේ රේගු ගුදම් තුළ එකලස් කර වෙළඳපොළට නිකුත් කළ වාහන 326 ක් සඳහා රේගු ආඥා පනතට පටහැනිව දේශපාලන උවමනාවන් මත ලබා දී ඇති බදු සහනයකින් රජයට රුපියල් කෝටි 10ක පාඩුවක් සිදුව ඇත.

මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයෙන් බැහැරව කර්මාන්ත අමාත්‍යවරයාගේ වුවමනාව මත ඔහුගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් බදු සහනය ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම වාහනය ගුදමින් මුදා හරින විට ඒවා ආනයන භාණ්ඩ සේ සලකා තීරු බදු ගණන් බැලීම හා ගෙවීම සිදු කළ යුතු වුවත් එසේ නොකර දේශීයව සියයට 30 කට නොඅඩු අගයක් එකතුකර නිපදවන වාහන සඳහා ලබාදෙන සියයට 70ක බදු සහනය එම වාහන සඳහා නිපදවූ සමාගම් දෙකකට ලබාදීමෙන් රජයට මෙම ආදායම අහිමි වී ඇති බව විගණන කාර්යාලය පවසයි.

රේගු ආඥා පනත හෝ එහි නීති රීති නොසලකා ඇමතිවරයාගේ නිර්දේශ පමණක් සලකා මෙම කටයුත්ත සිදු කර ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

Previous articleඡන්දෙට රාජ්‍ය හා පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
Next articleලොහාන් රත්වත්තේව බන්ධනාගාර රෝහලින් කොළඹ ජාතික රෝහලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here