Home අද දේශපාලනඥයන් සහ ප්‍රභූන් සතු ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහන සොයා පුළුල් විමර්ශන

දේශපාලනඥයන් සහ ප්‍රභූන් සතු ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහන සොයා පුළුල් විමර්ශන

111
0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහන රැසක් ඇතැම් දේශපාලනඥයන් සහ ප්‍රභූන් සතුව ඇති බවට පොලිසියට ලැබී තිබෙන තොරතුරු මත මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

.රේගුව, පොලිසිය.සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

මෙම වාහන එකලස් කරන ලද ඒවාද නැතහොත් රේගු බදු නොගෙවා කොටස් ලෙස මෙරටට ගෙන්වන ලද ඒවාද යන්න සෙවීමට රස පරීක්ෂක වාර්තා සහ රේගු වාර්තා ඔස්සේ විමර්ශන දියත් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්නිලධාරියෙක් පැවසීය.

මෙවැනි වාහන පසුගිය දින කීපය තුළ තැන තැන දමා ගොස් තිබියදී සහ ඇතැම් දේශපාලනඥයන් සන්තකයේ තබාගෙන සිටියදී හමු වූ බවත් එවැනි වාහන තවත් විශාල සංඛ්‍යාවක් තිබිය හැකි බවත් එම නිලධාරියා අනාවරණය කළේය.

මේ සම්බන්ධව දැනට සිදුකරන විමර්ශනවලදී වාහන එකලස් කිරීමේ ආයතන කෙරෙහිද අවධානය යොමුවී තිබෙන බව පොලිසිය පවසයි.

Previous articleවිදුලිබල ක්ෂේත්‍රය දියුණු කරන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි
Next articleලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here