ජාතික ජන බලවේගයට බලය ලැබෙන විට රටේ පාස්පෝට් තිබුණේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.
නමුත් විජිත හේරත් මහතා මැදිහත්ව අදාළ සමාගම් සමඟ කඩිනමින් සාකච්ඡා කර පාස්පෝර්ට් තොගයක් ලංකාවට ගෙනා බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව අද වන විට පාස්පෝට් පෝලිම් නැති වී සඟරාවක් වගේ ලස්සන පාස්පෝට් එකක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මෙවර මහා මහමතිවරණයේදී ජාතික ජන බලවේගයට කිසිඳු තරගයක් නොමැති බව කියා සිටි ඒ මහතා රජය විසින් කිසිඳු ලෙසක රාජ්ය බලය භාවිතා නොකරන බවත් විරුද්ධ පක්ෂ වලට පණ නොමැති හෙයින් මැතිවරණයක් තිබෙන බව හෝ පෙනෙන්නට නොමැති බව ඒ මහතා මේරි කියා සිටියා.