Home අද ව්‍යවස්ථාව ගැනවත් නොදන්නා “බබ්බු” සමග රටක් කරන්නට බෑ – විපක්ෂයේ සිට...

ව්‍යවස්ථාව ගැනවත් නොදන්නා “බබ්බු” සමග රටක් කරන්නට බෑ – විපක්ෂයේ සිට ආණ්ඩු බලය ගන්නත් හැකියාව තියෙනවා.

1083
0

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට “ටටා බායි” කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පන්නලදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජනරැළියකදී මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා

රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් මිස නිලධාරීන් විසින් නොවන බවද ඔහු පැවසීය.

ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතා හෝ එවීමට සූදානම් බවද ඔහු සඳහන් කලේය.

පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා “බබ්බු” සමග රටක් කරන්නට නොහැකි බව කී වික්‍රමසිංහ මහතා ඇතැම් විට මේ යන ආකාරයට විපක්ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීමටත් හැකියාව තිබෙන බව සඳහන් කළේය.

Previous articleIMF සාකච්ඡා පිළිබඳව සෙනසුරාදා නොතිබුන ප්‍රශ්න ඉරිදා ඇතිවුනේ කොහොමද? ජනපති රටට හෙළි කළ යුතුයි
Next articleඅපි රට පුනරුදයකට ගෙනයාම ආරම්භ ක⁣ළේ සංදර්ශන පවත්වා හෝ බොරු කියා නෙමෙයි – අගමැතිනිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here