Home අද IMF සාකච්ඡා පිළිබඳව සෙනසුරාදා නොතිබුන ප්‍රශ්න ඉරිදා ඇතිවුනේ කොහොමද? ජනපති රටට හෙළි...

IMF සාකච්ඡා පිළිබඳව සෙනසුරාදා නොතිබුන ප්‍රශ්න ඉරිදා ඇතිවුනේ කොහොමද? ජනපති රටට හෙළි කළ යුතුයි

416
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහා ම රටට ප්‍රකාශයක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙම සාකච්ඡා පිළිබඳව ඉකුත් සෙනසුරාදා වන විට කිසිදු ප්‍රශ්නයක් නොතිබුණු නමුත් ඉරිදා ප්‍රශ්නයක් ඇති වූයේ කෙසේදැයි රටේ ජනතාව දැනගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

තමාගේ රජය යටතේ මෙම ගිවිසුම් නිසි පරිදි සකස් කළ බව කී හෙතෙම කොළඹදී එකඟතාවය පළ කොට අත්සන් යොදා අය – වැය සකස් කිරීම පමණක් අනුර දිසානායක මහතාට ඉතිරිව තිබූ බව ප්‍රකාශ කළේ ය.

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අතුරුගිරියේදී පසුගියදා (ඔක්. 28) සංවිධානය කර තිබූ ජන රැලියකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

තමා ජනපති සමයේ මූල්‍ය අරමුදල සමග හෝ වෙනත් කාරණයක් ගැන වැදගත් තීරණයකට එළැඹුණා නම් ඒ ගැන රට දැනුවත් කළ බව කී හිටපු ජනාධිපතිවරයා නැවත පෝලිම් ඇති වෙනවා ද? උද්ධමනය වැඩි වෙනවා ද? රුපියල බාල්දු වෙනවා ද? පොලිය වැඩි වෙනවාදැයි ජනතාව දැනගත යුතු බව පැවසීය.

අය – වැය පරතරය බිලියන 1200,1300 සිට බිලියන 2500 දක්වා වැඩිවුවහොත් රටට ඇතිවන එහි විපාක අමුතුවෙන් කිව යුතු නැතැයි කී හිටපු ජනාධිපතිවරයා ඇත්ත තත්ත්වය සඟවාගෙන නොසිටින ලෙසත්, තමා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වැරදි නම් නිවැරදි කරන ලෙසත් අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මහතා කියන පරිදි තමා කෝටි හතරක කජු කකා සිටියේ නම් ජනාධිපතිධුරයේ වෙන රාජකාරියක් සිදුකිරීමට නොලැබෙන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑම පාර්ලිමේන්තුවට භාර වී තිබෙන බව කී හෙතෙම රට පාලනය කිරීමට පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව ත්, පාර්ලිමේන්තුව තබා ප්‍රාදේශීය සභාවක්වත් නොදුටු අය පාර්ලිමේන්තුවේ තැබිය හැකිදැයි ජනතාව තීරණය කළ යුතු බව ත් ප්‍රකාශ කළේ ය.

Previous articleතව ටික දවසකින් අවශ්‍යනම් විතරක් හාල් ගන්න, අවශ්‍ය නම් විතරක් පොල් ගන්න කියයි – නාමල්
Next articleව්‍යවස්ථාව ගැනවත් නොදන්නා “බබ්බු” සමග රටක් කරන්නට බෑ – විපක්ෂයේ සිට ආණ්ඩු බලය ගන්නත් හැකියාව තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here