Home අද දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ – රාජපක්ෂලාගේ සමුගැනීම තාවකාලිකයි – මහින්ද රාජපක්ෂ

දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ – රාජපක්ෂලාගේ සමුගැනීම තාවකාලිකයි – මහින්ද රාජපක්ෂ

100
0

තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය.

ප්‍රශ්නය – කොහොමද මැතිවරණ සුදානම ?

“බොහෝම සුදානම්.”

ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද?

“ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා.”

ප්‍රශ්නය – ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද?

“තාවකාලික… දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ.”

ප්‍රශ්නය – ඔබතුමා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවද ? එතුමා කිව්වා ප්‍රථම වතාවටයි කට්ටිය විශ්‍රාම යන්නේ කියලා. ඒක පිළිගන්නවා ද?

“නෑ මං ඇහුවේ නෑ…ඒක පිළිගන්න බෑ. ඉල්ලපු නැති කී දෙනෙක් ඉන්නවා ද?”

රාජපක්ෂවරු ඡන්දෙ ඉල්ලපු නැති එක ගැන සමාජ මතයක් ඇවිත් තියෙනවා නේද ?

“ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් ඉල්ලනවා. 113 ලේසියෙන් ගන්න පුළුවන්.”

Previous articleවිදෙස් ණය ලබාගත්තේ නැත්නම් විදෙස් රටවල් අපිව අතහැරලා කියයි – චතුරංග
Next articleඉන්දු – ලංකා පාලමේ ඉදිකිරීම් නුදුරේදීම ඇරඹෙන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here