Home අද දෑස් නොපෙනෙන විද්වතෙකුටත් මාලිමාවේ ජාතිය ලැයිස්තුවෙන් ඉඩක්

දෑස් නොපෙනෙන විද්වතෙකුටත් මාලිමාවේ ජාතිය ලැයිස්තුවෙන් ඉඩක්

1482
0

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඉඩක් ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

මෙය ජාතික ජන බලවේගය විසින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඓතිහාසික ආදර්ශයක් දිය හැකි අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන.

සමාජ ක්‍රියාකාරිකයකු වන සුගත් වසන්ත ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහාය පළකළේය.

පහතින් දැක්වෙන්නේ ලේඛක ලියනගේ අමරකීර්ති ඔහු වෙනුවෙන් තබා තිබූ සටහනකි.

“මගෙ බැචා සුගත් වසන්ත මාලිමාවේ ජාතික ලැයිස්තුවට අත්සන් කරමින්.
දෑස් නොපෙනෙන ඔහු මේ සැරේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සමහර ආචාර්ය මහාචාර්යවරුන්ටත් වඩා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක්.
තියුණු චින්තකයෙක්.
දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක්.
විශේෂ හැකියාවන් ඇති අයද ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම ගැන මාලිමා නායකත්වයට ස්තුතියි.
1990දී පළමු වසර බැච් ට්‍රිප් එකේදි අපි සුගත්ව හන්තාන මුදුනටම එක්ක ගියා.
එදා ඔහුගෙ අතින් අල්ලාගෙන කන්ද නැග්ග එක්කෙනෙක් මම.
මේ සැරේ ඔහු පාර්ලිමේන්තුවට එක්ක යමු! එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඓතිහාසික ආදර්ශයක් දිය හැකි අවස්ථාවක්.”

Previous articleව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක ඉදිරි දැක්මක් – ලෝක බැංකුව
Next articleහරි විපතක්නේ දමිතාට වෙලා තියෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here