Home අද ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියට උඩරට දුම්රිය මාර්ගය දවස් 7කට ඇල්ලෙන්...

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියට උඩරට දුම්රිය මාර්ගය දවස් 7කට ඇල්ලෙන් සීමා කරනවට ගෙවීම මිලියන 23යි

1246
0

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09දා) සිට 15 දා දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි අමතර සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රූගත කිරීම සිදුකරයි.

2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව.07.30 සිට ප.ව.17.30 දක්වා කාලසීමාව තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම රූගත කිරීම සිදුකරනු අතර, අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීම සඳහා සැලසුම් කර ඇත.

01. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

02. ඔක්තෝබර් 10,11,12 සහ 13 යන දිනයන් හිදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත “ඔඩිසි” දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

03. ඔක්තෝබර් 11,12,13 සහ 14 යන දිනයන් හිදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත “ඔඩිසි” දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාවවන පෙ.ව 08.55ට පිටත් වේ.

මේ ක්‍රියාමාර්ගය පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ජනතාව දැනුවත් කළේ ඊයේ සවස් කාලයේ බවත් එය ගැටලුකාරී තත්වයක් බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා පෙන්වා දෙන්නේ බස්රථ මඟින් ගමන් පහසුව සලසා දෙන බැවින් මෙමඟින් ජනතාව අපහසුතාවයට පත්නොවන බවයි.

මිලියන 23ක මුදලක් මේ සඳහා අදාළ සිනමා කර්මාන්තයේ යෙදෙන ආයතනය විසින් ගෙවීම් කටයුතු කළේ ඊයේ දිනයේ බැවින් ඒ දක්වා මේ සඳහා අවසර නොදී සිටිය බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

May be an image of text

Previous articleරජයක් විදියට ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. තිබුණ ක්‍රමවේදයටම ගියා
Next articleඖෂධ 305ක් මිලට ගන්න හරිනිගේ කැබිනට් යෝජනාව දෙවන වරටත් ප‍්‍රතික්‍ෂේප වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here