Home අද බිත්තරයක් 35ට වැඩියෙන් තියාගත්තේ නැත්නම් කර්මාන්තය අවදානමේ – කෘෂිකර්ම අමාත්‍යාංශය

බිත්තරයක් 35ට වැඩියෙන් තියාගත්තේ නැත්නම් කර්මාන්තය අවදානමේ – කෘෂිකර්ම අමාත්‍යාංශය

645
0

පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

එම අමාත්‍යංශයේ ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය. එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පෙන්වා දුන්නේය.

“කොහොමත් මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 32ක 33 ක වගේ වියදමක් යනවා. මේ වියදමෙන් වැඩි කොටසක් තියෙන්නේ කුකුල් කෑම. 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත. බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. ඒ ටික විසඳීමට අපි මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. කොහොමත් බිත්තරයක් වෙළෙඳපොළේ රුපියල් 36 ක 37ක මිලකට තිබුණේ නැතිනම් කුකුල් කර්මාන්තෙට මේක බලපානවා. ඉදිරියේ දී කුකුල් කෑම සඳහා යන නිෂ්පාදන වියදම, විශේෂයෙන් බඩඉරිඟු සඳහා යන වියදම 165ක් පමණ වෙනවා. ඒක 140කට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කටයුතු ටික කරගත්තට පස්සේ රටේ බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙයි”.

Previous articleරනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ පැතිර යන ප්‍රචාරය බොරුවක් – වැඩබලන පොලිස්පති
Next article2023/2024 ගෙව්වේ නැති බදු ගෙදරටම ගොස් එකතු කරන්න යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here