Home අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

1997
0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණි ජයශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියහ.

ජයශංකර් මහතා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා කිරිමට නියමිත බවද සඳහන් ය.

ජයශංකර් මහතා ඇතුළු පිරිස සිය එක්දින නිල සංචාරය නිමකර හෙට (5) පස්වරුවේ යළි නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

Previous articleදරුවන්ට මුඛ ආවරණ පළඳවන්න – සෞඛ්‍ය අංශයන්ගෙන් උපදෙස්
Next articleජනපති පත්කළ බස්නාහිර ආණ්ඩුකාරවරයාට ඩොලර් බිලියන 56ක ජාවාරමක් සම්බන්ධව චෝදනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here