Home අද OTP ගැන පොලිසියෙන් දුන් රතු නිවේදනය

OTP ගැන පොලිසියෙන් දුන් රතු නිවේදනය

625
0

අන්තජාලය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමයට (Online) බැංකු ගණුදෙනු කිරීමේදී ගණුදෙනුකරු හදුනා ගැනීම සහ එම ගණුදෙණුවේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාල බැංකු ආයතනය මගින් එක් වරක් පමණක් ලබා දෙනු ලබන කේත අංකයක් (One Time Password / OTP) ගණුදෙනුකරුවන් වෙත ලබා දීම සිදු කරනු ලබනවා.

එම කේත අංකය ඇතැම් පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය තුල වට්ටම්, ත්‍යාග සහ දිනුම් ඇදීම් ආදිය ලබා දෙන බවට පවසමින් ප්‍රසිද්ධ සන්නාම සහ සේවා ලෙස පෙනී සිටිමින් සංසරණය වන ව්‍යාජ වෙළඳ දැන්වීම්වලට හසුව, ව්‍යාජ වෙබ් පිටු වෙත යොමුවී එසේ තමාට ලැබෙන කේත අංක (OTP) සමහර ගණුදෙනුකරුවන් විසින් තම නොදැනුවත්කම මත තෙවන පාර්ශවයන් වෙත ලබා දීම සිදු කරන බව නිරීක්ෂණය වී ඇත.

ගණුදෙණු කරුවන් එසේ තම කේත අංකය (OTP) බාහිර පුද්ගලයන්ට ලබා දීමෙන් අන්තර්ජාලය හරහා සිදු කරන විවිධ වංචනික ක්‍රියාවන්ට හසුව එම පුද්ගලයන්ගේ ගිණුම්වල ඇති මුදල් විශාල වශයෙන් වංචනික පුද්ගලයන් විසින් ලබා ගැනීමේ සිද්ධීන් ගණනාවක් මේ වන විට වාර්තාවී ඇත.

අන්තර්ජාලය භාවිතා කර මෙම වංචනික ක්‍රියාවන් සිදු කරන විවිධ පුද්ගලයන් විසින් ගණුදෙනුකරුවන්ට ලැබෙන කේත අංකය (OTP) ලබා ගැනීම සඳහා භාවිතා කරන ඉහත ආකාරයේ කූඨ උපක්‍රම වලට හසුව කිසිදු අවස්ථාවක එම අංකය බාහිර පාර්ශවයන් වෙත ලබා දීමක් සිදු නොකරන ලෙසත්, මෙම වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට අදාල බැංකු මගින් ලබා දෙන මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කර තම ගණුදෙනුවල හා ගිණුම්වල පවතින මුදල්වල සුරක්ෂිතතාවය තහවුරු කර ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම අන්තර්ජාලය හරහා සිදු කරන මෙවැනි ගණුදෙනුවලදී යම් ගැටළුකාරී තත්ත්වයක් පවතී නම් අදාල බැංකුව සමඟ සම්බන්ධවී අවශ්‍ය තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු සිදු කර ගන්නා ලෙසට එම ගණුදෙනුකරුවන්ගෙන්ද, මෙම වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසට හා අනුගමනය කළ යුතු අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව තම ගණුදෙනුකරුවන් නිරන්තරවම දැනුවත් කරන ලෙසටද අදාල බැංකු ආයතන වලින්ද පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Previous articleඉන්ධන මිල සංශෝධනය කෙරේ
Next articleපොහොර, ධීවර සහනාධාර මැතිවරණයෙන් පසුව දෙන්න – මැතිවරණ කොමිසම කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here