Home අද ඉදිරි සති හය අමාරුයි – අගමැති

ඉදිරි සති හය අමාරුයි – අගමැති

4262
0

අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තමන්ට අමාත්‍යාංශ 05ක් ලැබුන බවත් ඉදිරි සති 6ක කාලය අමාරු කාලයක් වුවත් කෙලෙසක හෝ එම අමාත්‍යාංශ කලයුතු බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ ඊයේ (28) දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

එහිදී ඇය කියා සිටියේ තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් දූෂණ අවම කිරීමට යෝජනා ඔවුන් විසින්ම ගෙන බවටත් යම්කිසි හෙයකින් ඔවුන්ගේ රජයක් යටතේ චෝදනා වලට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවයි.

එමෙන්ම මහ මැතිවරණය සඳහා හොඳින් සූදානම් විය යුතු අතරම ජනාධිපතිවරණයේදී ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියා

Previous articleජනපතිගේ පැමිණීමෙන් පොත් ප්‍රදර්ශනයේ ප්‍රශ්නයක්?
Next articleඉන්ධන මිල සංශෝධනය කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here