Home අද මහ ඡන්දෙට වියදම කෝටි 1100ක් – මැතිවරණ කොමිසම කියයි

මහ ඡන්දෙට වියදම කෝටි 1100ක් – මැතිවරණ කොමිසම කියයි

1462
0

ලබන නොවැම්බර් 14 වන දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව රුපියල් බිලියන 11ක ඇස්තමේන්තුවක් මහා භාණ්ඩාගාරයට යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.

ගියවර පාර්ලිමේන්තු ඡන්ද විමසීම හා සමග බලා එලෙස ඇස්තමේන්තුගත මුදලක් ඉදිරිපත් කර ඇති බව සභාපතිවරයා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය කෙසේ ද කියා තවදුරට ත් සාකච්ඡා කර බැලීමට සිදුවන බව රත්නායක මහතා කියා සිටියා.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නුදුරේදී ම රැස්කරන බව සභාපතිවරයා කීවේ ය.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වන දා පැවැත්වීමට රජය තීරණය කර ඇත.

එම මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 4 වන දා සිට 11 වන දා දහවල් 12 දක්වා සිදු කෙරේ.

පාර්ලිමේන්තු නව සැසිවාරය නොවැම්බර් 21 වන දා පැවැත්වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (සැප්. 24) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

Previous articleදිස්ත්‍රික්ක හතරක මන්ත්‍රීධුර සම්බන්ධයෙන් මහ මැතිවරණයේදී සිදුවෙන වෙනස්කම්
Next articleචීන පාටියට ගිය, හොරු අල්ලන්න ආපු විජිත (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here