Home අද රට වසර 30 ක් ආපස්සට ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ

රට වසර 30 ක් ආපස්සට ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ

611
0

ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය කරගෙන පැමිණි රට ගිනි තබා දැවැන්ත විනාශයක් කරමින් වසර 30 න් රට ආපස්සට ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ බව හිටපු අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය හෝමාගම “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට සහභාගීවෙමින් පැවසුවාය.

එබැවින් යලින් රට එම තත්වයට ගෙන යා යුතු නැති බවත් බුද්ධිමත්ව ඡන්දය භාවිතාකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

“අවුරුදු 75 ක් රට විනාශ කළා කිය ජනතා විමුක්ති පෙරමුණට කියන්න කිසිම අයිතියක් නැහැ . අමාරුවෙන් ඉස්සරහට ගෙනාපු මේ රට 88 , 89 කාලේ ගිනි තියලා රට වසර 30 ක් ආපස්සුට ගෙනිච්චේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ චෝදනාව බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන්.

ආරක්ෂක අංශවල අයගෙන් මම අහනවා ඒකාලේ නිදහෙස් ගෙදර ගිහින් එන්න පුළුවන් කමක් තිබුණද කියලා. එදා මොනවගේ තත්වයක් ද තිබුණේ කියලා වැඩිහියෝ මේවා දන්නවා. තරුණ පරම්පරාව මේක දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ වැරදිලාවත් ආපහු වැරද්දක් කරගන්න එපා. චන්ද්‍රිකා ජනාධිපතිගේ ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ හතරක් කැබිනෙට්ටුවේ හිටියා. එයාලත් මොනවහරි කරන්න ඇතිනේ. ඒ කරපු දේවල් මොනවද කියලා පෙන්වන්න කියන්නකො. කරපු කිසිම දෙයක් නැහැ. මේ වගේ කයිවාරුකාරයෝ බලයට ගෙනාවොත් ආපහු රට 2022 තත්වයට යනවා. ඒ නිසා බොහොම කල්පනාවනේ වැඩකරන්න කියලා මම හැමදෙනාටම කියන්න කැමතියි” යනුවෙන් පැවසුවාය.

Previous articleශ්‍රී ලංකාවේ බංකොලොත් භාවය අවසන් වෙයි – මට දුන්න වගකීම මම ඉටුකළා
Next articleබුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here