Home අද දැන් විකල්ප පාරවල් නැහැ – IMF පමණයි තිබෙන්නේ

දැන් විකල්ප පාරවල් නැහැ – IMF පමණයි තිබෙන්නේ

284
0

බලය ලබාගැනීමෙන් පසුව රටේ මුල්‍ය ස්ථාවරත්වය බිද වැටීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් මේවනවිට විකල්ප පාරවල් නොමැති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එකඟ වු රජයක් බවත්  ඒ ඔස්සේ ඉදිරියට යාමට කටයුතු කරන බවද ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රෑපවාහිනි නාලිකාවක සංවාදයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේබව පැවසු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය,

“අපේ ණය ප්‍රතිශතය 95% ට ගෙන ඒම ප්‍රශස්ත මට්ටමක්ද කියලා අපිට සාධාරණ ගැටළුවක් තිබෙනවා. ඊට වඩා හොඳ තැනකට යා යුතුයි කියන සාකච්ඡාව අපිට තිබෙනවා. මේ ගැන  අපි මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 20232 දී 95% ක ණය බර වැඩියි .

ද්වී පාර්ශවීය ණය හිමියන් සමඟ අපි ප්‍රතිපත්තිමය රාමුවකට එකඟ වෙලා තියෙනවා. එතැන පොඩි ඉඩක් තියෙනවා කියලා අපි හිතනවා. කොහොම උනත් අපි පොඩි උත්සහක් දැරිය යුතුයි. සාකච්ඡා කරලා බැලිය යුතු වෙනවා. අපි එන්නේ මේක වට්ටන්න නෙවෙයි. මුල්‍ය කළමණාකරනය මේ ආකාරයෙන්ම පවත්වාගෙන ඉහළට යා හැකිද කියා බැලීමයි සිදුකරන්නේ. අපි බිදවැටීමකට ඉඩ දෙන්නේ නැහැ. දැන් විකල්ප පාරවල් නැහැ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණයි දැන් තිබෙන්නේ.

Previous articleරනිල් ගෙනාපු මහබැංකු පණතට විරුද්ධයි. හැබැයි අපි ඒක වෙනස් කරන්නේ නැහැ – අනුර කුමාර දිසානායක
Next articleසජිත් වටා සිටින බෝර්න් අගේන් ආගමික කල්ලිය ගැන රාහුල හිමිගෙන් හෙළිදරව්වක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here