Home අද ජනපති වැල් පාලම මතක් කරයි – 75% දුර පැමිණ අවසන්

ජනපති වැල් පාලම මතක් කරයි – 75% දුර පැමිණ අවසන්

612
0

රට වැල් පාලමේ 75% ක් පමණ දුර පැමිණවිත් තිබෙන බවත් ඉතිරි දුර සුරක්ෂිතව ගෙන යාමට ජනතාවගේ මනාපය අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(16දා)  අම්පාර පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

රට දුෂ්කර සමය පසුකර එලෙස 75% ක් දුර වැල් පාලමේ රැගෙන ආ විට නතාලියාලා දෙදෙනෙක් පැමිණ දරුවා ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

“මම ආපහු හුණු වටයේ කථාව මතක් කරන්න ඔනේ. දැන් වැල් පාලමේ 75% ක් විතර අපි ඇවිත් තියෙන්නේ.  ඉතුරුටික යන්න තියෙනවා. දැන් වැටෙන්න බැහැ. අන්න ඒකට තමයි වරම ඉල්ලන්නේ.  එතනින් ආවට පස්සේ ගෘෂාට වගේ නෙවෙයි එයාට මුහුණ දෙන්න තිබුණේ එක නතාලියා කෙනෙක්ට . මට නලාලියාලා දෙන්නෙක්ට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.  දැන් බබා මට ඔනේ බබා මට ඔනේ කියලා මේ නතාලියාලා දෙන්නම කෑ ගහනවා. මේ නතාලියාලා දෙන්නා ඒ අවස්ථාවේ කෙහෙද හිටියේ. අපි මේ වැල්පාලමේ අවසානයට ගිහින් මේක ඉවරයක් කරමු.  නතාලියාලා පන්නලා දාමු” යැයි පැවසීය

Previous articleපුද්ගලික අංශයේ අවම වැටුප සියයට 40කින් ඉහළට – වැටුප් වැඩිවීම සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි
Next articleආර්ථිකය වර්ධනය වෙමින්, බදු ආදායම ඉහළ යමින් තිබෙනවා. එය අපි පිළිගත යුතුයි – අනුර කුමාර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here