Home අද රනිල්ගේ කෘෂි නවීකරණය හිටපු කෘෂිකර්ම ඇමති අනුරත් අනුමත කරයි

රනිල්ගේ කෘෂි නවීකරණය හිටපු කෘෂිකර්ම ඇමති අනුරත් අනුමත කරයි

686
0

කෘෂිකර්මාන්තය ලබාදායි ව්‍යාපාරයක් බවට පත්කළ යුතු බවත් ඒ හරහා ගොවීන් ණය බරින් මුදවාගත යුතු බවත් හිටපු කෘෂිකර්ම ඇමති ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අම්පාරේදී පැවසීය.

ඒ අනුව ලබාදිය හැකි ඉඩම් සියල්ල ජනතාවට බෙදා දීමටද වැව් ප්‍රතිසංස්කරණය කර දීමට ද තමා සුදානම් බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කෘෂි නවීකරණ වැඩසටහන හෙවත් ස්මාර්ට් ඇග්රිකලච්ර් වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදනය පුලුල් කිරීමට සැලසුම්කර ඇති අතර වගාවේ වෙනසක් කිරීමටද මේවනවිට වැඩසටහන් ආරම්භකර තිබේ. අනුර කුමාර දිසානායක මහතාද එම වැඩපිළිවෙල කරගෙන යන ආකාරය පිළිබඳව පැහැදිලි කළේ මෙසේය,

අපේ රටේ ආහාර නිෂ්පාදනය ඇති කරන්න ඔනේ. එක බිම් අඟලක් පුරන් වෙන්න දෙන්න එපා. කන්න තුනක් වගාකරන්න ලෑස්තිවෙන්න. අපි මේ ඇළ වේලි ටික සුද්දකරලා දෙන්නම්. වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරලා දෙන්නම්. අලුතෙන් වගාකරන්න ඉඩම් ඔනෙනම් බෙදන්න පුළුවන් හැම තැනකම ඉඩම් ගොවි ජනතාවගේ දරුවන්ට දෙන්නම්. වගා කරන්න ඉඩම්.” යැයි පැවසීය.

 

Previous articleජනපති රනිල් 50% ඉක්මවයි – අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න
Next articleජාතිය අනතුරේ..! අම්පිටියේ සුමනරතන හිමිගේ සහයත් අනුර දිසානායකට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here